මහවැලිය අවට ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය සදහන් කරන්නේ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි.
තවද මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීම සදහා ඉඩකඩ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒවගේම ඊයේ (26) රාත්‍රියේ සිටම මහවැලි ගඟෙහි ධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව නිසා මහවැලි ගංගා ද්‍රෝණියේ ප්‍රධාන ජලාශ බොහොමයක් වාන් දැමීම ආරම්භ කර තිබේ.
ඒ හේතුව නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, මිනිපේ, විල්ගමුව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමට හැකියාවක් පවතින බවයි.
මේ නිසා මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව මේ පිළිබද විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි .
තවද එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ මෙලෙස ඇති විය හැකි මහ ගංවතුර තත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසයි .