මව සමග ළිඳට වැටුණු පස් හැවිරිදි දියණිය මියයයි..

By Piyumika Jul 17, 2024 08:12 AM GMT
Report

රුවන්වැල්ල පොලිස් වසමට අයත් කිරිපෝරුව වත්තෙහි ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 5 ක පමණ ගැහැණු දරුවෙකු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පැවසීය .

සිය මව වන පී.නිරෝෂා සමඟ මෙම දැරිය ළිඳට වැටී තිබෙන අතර මෙහිදී එම දරුවා මිය ගොස් ඇත.

ඉතිහාසයේ පළමුවරට වෙන්දේසියට යන ඇපෙක්ස්..

ඉතිහාසයේ පළමුවරට වෙන්දේසියට යන ඇපෙක්ස්..

මෙසේ මිය ගොස් ඇත්තේ එම වත්තේ පදිංචි දෙව්මිනි අමාෂා යන පෙර පාසල් දරුවෙකි.

මෙම දරුවාගේ මව කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අතුරුදහන් වූයේ මොනවාද කියා පැවසීමටත් නිලධාරීන් අපොහොසත් වුන ජාතික කලාභවනේ තිබූ සිතුවම් වලට මොකක්ද උනේ..

අතුරුදහන් වූයේ මොනවාද කියා පැවසීමටත් නිලධාරීන් අපොහොසත් වුන ජාතික කලාභවනේ තිබූ සිතුවම් වලට මොකක්ද උනේ..

දරුවාගේ දේහයේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරවනැල්ල රෝහලට ගෙනගොස් ඇත.

රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.