අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට
By Shehan
දෙවුන්දරට දකුණු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අල්ලූ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරයට ගෙන දික්ඕවිට වරායට රැගෙන එන ලදී.
ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව සිය භාරයට ගැනීම සිදුව ඇත.
යාත්‍රාව සමග එහි සිටි ධීවරයින් පස්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් ද දික්ඕවිට වරාය වෙත රැගෙන එන ලදී.
මෙම මෙහෙයුම තුළින් යාත්‍රාවේ සහ ධීවරයින් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාවේ නිලධාරීහු පවසති.