නොවැම්බර් 30 වැනිදා තෙක් මේ අයට විශේෂ නිවේදනයක්
අයහපත් කාලගුණයත් සුළි කුණාටු තත්ත්වයත් සමඟ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය අද දින (27) සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බව ධීවරයන් ප්‍රකාශ කරයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ අනතුරු ඇඟවීම් සහ මුහුදේ රළු ස්වභාවය හේතුකොට ගෙන බහුදින හා එක්දින ධීවර යාත්‍රා මෙන්ම සුළුපන්න ධීවර කර්මාන්තය ද මෙසේ බිඳ වැටී ඇති බව සඳහන්.
එමෙන්ම බහු දින ධීවර යාත්‍රා මේ වන විට ත්‍රිකුණාමල ධීවර වරායේ ගැටගසා ඇති අතර ඩිංගි බෝට්ටු සහ ඔරු වෙරළ තීරයන්හි ගොඩට ඇද කඹවලින් එකනෙකට ගැට ගසා ඇති අයුරු ද දක්නට ලැබේ.
ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉන්දික පද්මකුමාර උඳුගොඩ ප්‍රකාශ කළේ ධීවර රැකියාව සඳහා ලබන තිස් වැනිදා දක්වා නොයන මෙන් සියලු ධීවර කාර්මිකයන්ට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බවයි.
ඒ අනුව එම කාලය තුළ ධීවර රැකියාව සඳහා පිටවන බහු දින ධීවර යාත්‍රා සඳහා අවසර පත්‍ර නිකුත් නොකරන බව ද පවසයි.