මාළු මිල ගණන් හිටි හැටියේ පහළ බසී..නව මිල ගණන් මෙන්න.

Report

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (11) වැනිදා තරමක් අඩු මිල ගණන් යටතේ අලෙවි වී තිබෙනවා.

මේ අනුව එම මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල තරමක පහළ ගොස් තිබෙන බවයි, පෑලියගෙගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණි ඇත.

විදෙස් රටවල සිට ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය එකවරම අඩු වෙයි..2023ට සාපේක්ෂව සිදු වූ දේ මෙන්න..

විදෙස් රටවල සිට ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය එකවරම අඩු වෙයි..2023ට සාපේක්ෂව සිදු වූ දේ මෙන්න..


ඊයේ (11) දිනයේ සාලයා කිලෝවක තොග මිල රුපියල් 350ක්, ලින්නා කිලෝවක් රුපියල් 500ක්, බලයා කිලෝවක් රුපියල් 650ක්, සහ කෙලවල්ලා කිලෝවක් රුපියල් 900ක මිලට අලෙවි වී තිබේ.

එමෙන්ම තලපත් කිලෝවක් රුපියල් 1800කටද, කොප්පරා කිලෝවක් රුපියල් 2000කටද, ඉස්සො කිලෝවක් රුපියල්1400 කට මෙන්ම දැල්ලො කිලෝවක් රුපියල් 1200කට අලෙවි කළ බව වාර්තා වනවා.

මේ අතර කුම්බලාවා කිලෝවක් රුපියල් 550කටද, හැඩැල්ලා කිලෝවක් රුපියල් 1200කටද, අලගඩුවා කිලෝවක් රුපියල් 500කටද, ඉරටවල්ලා කිලෝවක් රුපියල් 500ක් වශයෙන් අලෙවි විය.

පොල් තෙල් කන සියලුම දෙනාට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

පොල් තෙල් කන සියලුම දෙනාට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


එසේම පෑලියගෙගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමය පැවසුවේ, තෝරා කිලෝවක් රුපියල් 2500 කටද, ගල් මාළු කිලෝවක් රුපියල් 1000 කට සහ අමු හාල් මැස්සා කිලෝවක් රුපියල් 550 මිලකට පැවති බවයි.