ලාබයි ගන්නකො මාළු කියන්න බැරි තරමටම මාළු මිල ඉහලට...

Sri Lanka Fish Price In Srilanka Fish
By Piyumika Dec 04, 2024 01:58 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ  ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑමත් සමග මෙරට ධීවර කටයුතු අඩාල වූ පසුබිමක මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනුයේ..

ධීවර කටයුතුවලට එල්ල වූ බලපෑම හේතුවෙන් ධීවරයින්, වෙළෙඳුන් පමණක් නොව ධීවර කර්මාන්තය ආශ්‍රිත බොහෝ පිරිසක් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

ජනපතිගේ කතාව අහල මන්ත්‍රී රෝහිතට සතුටක් ඇවිත්ලු..සම්ප්‍රදායෙන් එලියට එන්න ලෑස්ති කියන්නේ..

ජනපතිගේ කතාව අහල මන්ත්‍රී රෝහිතට සතුටක් ඇවිත්ලු..සම්ප්‍රදායෙන් එලියට එන්න ලෑස්ති කියන්නේ..

ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑමෙන් ජන ජීවිතයට පමණක් නොව ධීවර කටයුතු වලට ද පසුගිය සතියේ දැඩි බලපෑමක් එල්ල වුණා.

මේ හේතුවෙන් පරිභෝජනයට ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වැන්නක් සතියක පමණ සිට මේ වන තෙක් නොලැබීම නිසා වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා

මාස ගණනක් පුරා තිබු ජිවිත බලාපොරොත්තුවක් නැති වූ මොහොතක්..අවසාන හුස්මේදීත් බේරා ගනී යැයි සිතන්නැති ..

මාස ගණනක් පුරා තිබු ජිවිත බලාපොරොත්තුවක් නැති වූ මොහොතක්..අවසාන හුස්මේදීත් බේරා ගනී යැයි සිතන්නැති ..

ඒ අනුව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේදී තලපත් කිලෝග්‍රෑමයක් රුපියල් 2400 - 2500ත් අතර, පරව් රුපියල් 1400 කට, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 1000 - 1100 අතර, සාලයා රුපියල් 450 - 500 අතර ලෙස තොග මිල දැක්වුණා.

එමෙන්ම, කෙළවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 1400 කටත්, ඇටවල්ලා රුපියල් 650ටක්, ඉස්සා රුපියල් 1200 - 1600ත් අතර මිලකට තොග මිල සටහන් වී තිබුණා.

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

මෙලෙස මිල ඉහළ යෑම සහ ලැබෙන මත්ස්‍ය අස්වැන්න අවම වීම හේතුවෙන් තොග වෙළෙඳ පොළ වෙත දෛනිකව ඇදී එන සිල්ලර වෙළෙඳුන් ද 50%කින් පමණ අඩුවී තිබෙනවා.

එමෙන්ම, සිල්ලර වෙළෙඳුන් පවසන්නේ, ඉතා ඉහළ මිලකට මත්ස්‍යයින් මිලදී ගෙන අලෙවි කිරීමට නොහැකි බවයි.

අලෙවිය අඩුවීමත් සමග මත්ස්‍ය වෙළෙඳුන් පමණක් නොව වෙළෙඳ පොළ ආශ්‍රිතව සිය ජීවනෝපාය සරිකරගන්නා තවත් පාර්ශ්ව කිහිපයක් ද මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.

You may like this video

ReeCha