ICC යේ කෙනෙහිලිකම් රැසක් මැද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝක කුසලාන පළමු සටනට. - පැවැත්වෙන වේලාව මෙන්න.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම එරෙහිව අද (03) පැවැත් වෙනවා.
එම තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත්වෙනු ඇති.
මේ අතර අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව තිබුනා.
එහිදී අදාළ විශේෂ ගුවන් යානය ෆ්ලෝරීඩා නුවරින් පිටත්වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වූ බව වාර්තා වන්නේ.
........................................