ඉතිහාසයේ පළමුවරට දකුණු කොරියානු ජනාධිපති ආර්යාවට මාස 20ක සිරදඬුවම

Report

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් මහතාගේ බිරිඳ වන කිම් කියොන් හී (52 හැවිරිදි) මහත්මියට මතභේදාත්මක යුනිෆිකේෂන් ක්‍රච් (Unification Church) පල්ලියෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට සම්බන්ධව මාස 20ක සිරදඬුවමක් නියම කර තිබේ.

අද (28) සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ඉන්-සුං මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. විනිසුරුවරයා සඳහන් කළේ,

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

“කිම් මහත්මිය තම තනතුර අනිසි ලෙස භාවිතා කරමින් පුද්ගලික ලාභ ලබා ගැනීමට උත්සාහ කර ඇති බව”යි.

“ඉහළ තනතුරක සිටින අයෙකු මෙවැනි හැසිරීම්වලින් වඩාත් දැනුවත්ව ආරක්ෂා විය යුතුය. විත්තිකරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් වූ අතර ස්වයං-අලංකරණයේ නියැලී සිටියාය.”

විශේෂ නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කළේ, 2022 අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ කිම් මහත්මියට යුනිෆිකේෂන් ක්‍රච් වෙතින් වොන් මිලියන 80ක (ආසන්න වශයෙන් ඩොලර් 60,000) තෑගි ලැබුණු බවයි. ඒවා අතර දියමන්ති මාලයක්, චැනල් අත්බෑග් කිහිපයක් ඇතුළත් විය.

චෝදනා තුනටම වසර 15ක සිරදඬුවමක් හා වොන් බිලියන 2ක දඩයක් ඉල්ලා සිටි නීතිඥ කණ්ඩායමට අනුව, අධිකරණය එක චෝදනාවකට පමණක් වරදකරු බව ප්‍රකාශ කළේය. විනිසුරුවරයා සඳහන් කළේ කිම් මහත්මිය අල්ලස් ඉල්ලා සිටියේ හෝ ඉල්ලා සිටි තැනැත්තා නොවන බවත්, ඇයට “සැලකිය යුතු අපරාධ වාර්තාවක්” නොමැති බවත්ය.

එහෙත් වොන් මිලියන 12.85ක (ඩොලර් 9,000 පමණ) මුදල් ආපසු ගෙවීමට හා දියමන්ති මාලය රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු වරද පිළිගනී - මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරු වරද පිළිගනී - මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

පසුබිම

  • 2022 ජනාධිපතිවරණයට පෙර කොටස් මිල හැසිරවීම හා දේශපාලන තැරැව්කරුවෙකුගෙන් නොමිලේ මත විමසුම් ලබා ගැනීමේ චෝදනාවලින් කිම් මහත්මිය නිදහස් කර තිබුණි.
  • 2024දී ඔහුගේ අසාර්ථක යුද නීති යෝජනාව සම්බන්ධයෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම හා යුක්තියට බාධා කිරීම යන චෝදනාවලට වසර 5ක සිරදඬුවමක් දැනටමත් නියම වී තිබේ.

දකුණු කොරියානු ඉතිහාසයේ හිටපු ජනාධිපති යුවළක් එකවර වරදකරු කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

සමාජ මාධ්‍යයේ කැළඹු නාමල්ගේ ඉන්දීය සංචාරය ගැන මඩ ගහපු අයට වැඩ වරදී

සමාජ මාධ්‍යයේ කැළඹු නාමල්ගේ ඉන්දීය සංචාරය ගැන මඩ ගහපු අයට වැඩ වරදී