සේවයෙන් නෙරපු දුම්රිය රියැදුරාට වසර හතරක් පඩිත් දීලා OT ත් දීලා විශ්‍රාම යවලා

Report

තවත් දූෂණ විරෝධී ක්‍රියාවක් පිළිබඳව වාර්තාවේ. ඒ අනුව කොළඹ මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගනේමුල්ලෙ දී අනතුරට ලක්කර රජයට රුපියල් ලක්ෂ අනූ තුනක පමණ පාඩුවක් සිදු කළ පුද්ගලයෙකුට වසර හතක් වෙන පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදන නිකුත් කර තිබේ.

නමුත් මෙම රියැදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් සහ අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාම ගන්වා ඇති බවට අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අනතුරෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය එලෙසම තිබියදී රජයට පාඩු කළ රියදුරෙකුට තවදුරටත් වැටුප් ගෙවමින් දුම්රියට පාඩු සිදු කිරීමේ චෝදනාව මත හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරියේ එස්.එම් අබේවික්‍රම නැවැත් තාත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

2008 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහනුවර සීඝ්‍රගාමී දුම්රිය ගනේමුල්ලේදී අනතුරට ලක් කර රජයට රුපියල් ලක්ෂ හැත්තෑ හතක සහ සේවය අත්හිටුවීමෙන් පසුව තවත් දුම්රිය අනතුරක් සිදුකර රුපියල් ලක්ෂ දාසයක පාඩුවක් සිදු කළේ යැයි විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහකළ දුම්රිය රියදුරු අයි. එක්.කේ දිසානායක සේවයේ තබා ගනිමින් දූෂණය නම් වරද සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්

ගිනි ගණන් වුණ අද රන් මිල - බැස්සට වඩා ගොඩක් ගණන් ගිහින්

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ සැකකරු වසර 33 ක නිකැලැල් සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුකර විශ්‍රාම ගිය පුද්ගලයකු බවය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඒ.බී ආරියරත්න මහතා සිදු කරන ලද විනය පරීක්‍ෂණයකට අනුව ප්‍රශ්න ගත රියැදුරු සේවයෙන් පහකර ඇති බවත්, එම හිටපු සාමාන්‍යාධිකාරීවරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට දිනයක් තිබියදී මෙම විනය තීන්දුව රියදුරට ලබා දී ඇති බවත්,හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ එම විනය තීන්දුව මෙම සැකකරුට ක්‍රියාත්මක කිරීමට ගියේ නම් නීති ප්‍රශ්න මතුව වන්දි ගෙවීමට සිදුවන බැවින් එසේ කර නොමැති බවත් පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එහිදී නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එවැනි නීතිමය ගැටලුවක් උද්ගත වූයේද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දුන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ එවන් ප්‍රශ්නයක් උද්ගත නොවූ බවත්, අලාභය ගෙවීමට විනය පරීක්‍ෂණය මගින් නියෝග කොට නොතිබූ බවත්ය.

ඊට එය ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා රජයට සිදුවූ අලාභය අයකරගෙන ඇත්තේ ද? යන්න සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ තමන්ගේ දැනුවත් වීම සඳහා පමණක් බව ප්‍රකාශ කළේය . නීතිඥ සංජය ගමගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බැවින් තම සේවා දායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසට ඉල්ලා සිටියේය.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය පෙබරවාර 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.