දියලුම අසල මාවෙලගම කඳු පංතිය ගින්නෙන් ගිනි ගනි - පරිසරයට දැඩි හානි

Report

කොස්ලන්ද–වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි දියලුම දිය ඇල්ල අසල ඌව මාවෙලගම කඳු පන්තියේ ඊයේ (17) පස්වරුවේ හටගත් විශාල ගින්නක් හේතුවෙන් කඳු රක්ෂිතයේ සැලකිය යුතු ප්‍රදේශයක් විනාශ වී තිබේ.

ගින්න රාත්‍රී කාලය පුරාම කඳු රක්ෂිතය පුරා පැතිර ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අක්කර 20කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව ප්‍රදේශීය වාර්තා සඳහන් කරයි.

පවතින දැඩි වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, අද (18) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව වාර්තා වී තිබේ.

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ගමන්වාර අර්බුදයක් සම්බන්ධයෙන් රතු එළියක්

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ගමන්වාර අර්බුදයක් සම්බන්ධයෙන් රතු එළියක්

පරිස්සම් වෙන්න - අකුණු අනතුරුවලින් වසරකට අහිමි ජීවිත වන ජිවිත සම්බන්ධ බියකරු හෙළිදරව්වක්

පරිස්සම් වෙන්න - අකුණු අනතුරුවලින් වසරකට අහිමි ජීවිත වන ජිවිත සම්බන්ධ බියකරු හෙළිදරව්වක්