විශාල ගින්නකින් පැල්පත් දහස් ගණනක් ගිනි ගෙන විනාශ වේ
By Ashfa
පිලිපීනයේ මැනිලා අගනුවර ගින්නකින් ඇතිවී එහි පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් විනාශ වී එහි වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී ඇති බව වාර්තා වේ.
බලධාරීන් විසින් පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව අද උදෑසන ගින්න නිවා දැමීමට සමත් වී ඇත. මෙම ගින්න පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයේ තිබූ පැල්පත් වල ඇතිවූ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
අනතුරින් නිවාස 1100ක් පමණ වැනසී ගොස් ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අපහසු වුයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වූ නිසාය.
ගින්න නිසා අවතැන් වුවන් රජයේ පාසල් සහ රජයේ කාර්යාල වල සිටින අතර මැනිලා නුවර පැල්පත් නිවාස පිහිටි කලාප රැසක් ඇති අතර, එම කලාපවල මෙවන් බරපතළ අනතුරු සිදුවූ අවස්ථා රැසක්ම පසුගිය කාලයේදී වාර්තා වුණි.