කටුනායකින් පිටත් වූ TK-731 යානයට අහසේදී වූ මාරක අනතුර - පැය තුනක බියකරු අවෑමකින් පසු යානය බස්සයි

Report

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව යාමේදී කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානය මේ වනවිට ආරක්ෂිතව ගොඩබස්වා ඇත.

TK-731 නම් මෙම යානය මගීන් 246ක් සමග අද (11) උදෑසන 7:07ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව යමින් තිබියදී මෙම සිද්ධියට මුහුණපා තිබුණි. 

කටුනායකින් තුර්කිය බලා ගිය ගුවන් යානකට අනතුරක් - ආරක්ෂිතව ගොඩබෑමට සියලු උත්සහයන් ගනී

කටුනායකින් තුර්කිය බලා ගිය ගුවන් යානකට අනතුරක් - ආරක්ෂිතව ගොඩබෑමට සියලු උත්සහයන් ගනී

ඒ හේතුවෙන් එම ගුවන්යානය ආරක්ෂිතව ගොඩබෑම සඳහා මීගමුව කලපුවට ආසන්න ඉහළ අහසේ ඉතා පහතින් පියාසර කර, ඉන්ධන දහනය කිරීමේ කටයුතු සිදුකර තිබේ

A330 පුළුල් බඳ සහිත මෙම මගී ගුවන් යානය අද උදෑසන 10.24 ගොඩබස්වා ඇති අතර, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා ගුවන්තොටුපොළද සූදානම්කර තිබී ඇත.