ටෝකියෝ නුවර පාසලක ගින්නක්- ජනේලවලින් පැන දිවි බේරාගත් දරුවන්

Report

ජපානයේ ටෝකියෝ නගරයේ කිටා වාට්ටුවේ පිහිටි ටකිනොගාවා ඩයි-සන් ප්‍රාථමික පාසලේ අද (20) ගින්නක් හටගෙන ඇති අතර, දුම් ආශ්වාස කිරීමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව මහජන විකාශක NHK වාර්තා කළේය.

පෙරවරු 11.00ට පමණ පාසලේ සංගීත කාමරයකින් ගින්න ආරම්භ වී ඇති අතර, ඉහළ මහලේ ජනේලයකින් ඝන කළු දුමාරයක් නැඟෙන අයුරු දක්නට ලැබී තිබේ.

සිද්ධියෙන් අනතුරුව පාසලේ සියලුම දරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, බියට පත් දරුවන් රැගෙන යාම සඳහා දෙමව්පියන් පාසල වෙත පැමිණ තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සාක්ෂිකරුවන් පවසන්නේ ගිනි නිවන භටයින් පැමිණීමට පෙර ඇතැම් දරුවන් ජනේල මාර්ගයෙන් පහළ ආරක්ෂිත ප්‍රදේශයකට ගමන් කළ බවයි.

අනතුරුව ඉණිමං භාවිත කරමින් ඔවුන් සුරක්ෂිතව ඉවත් කර තිබේ.

ගින්න හටගත් අවස්ථාවේ සංගීත කාමරය අසල සිටි හයවන ශ්‍රේණියේ සිසුවියක පැවසුවේ මුලින්ම දුම සුවඳක් දැනුණු අතර, පසුව අනතුරු ඇඟවීමේ සයිරන් නාද වීමත් සමඟ සිසුන් පාසල් මිදුල වෙත ඉක්මනින් ඉවත් කළ බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ සංගීත කාමරය ගිනිදැල්වලින් වෙළී තිබූ අතර, ඒ ආසන්නයෙන් පිපිරුම් ශබ්ද කිහිපයක් ද ඇසුණු බවය.

ප්‍රධාන ගුවන් තොටුපළක් ලේ විලක් වෙයි -සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී එල්ල වූ ප්‍රහාරයෙන් 35ක් මරුට

ප්‍රධාන ගුවන් තොටුපළක් ලේ විලක් වෙයි -සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී එල්ල වූ ප්‍රහාරයෙන් 35ක් මරුට

එම සිද්ධිය හේතුවෙන් බොහෝ දරුවන් බියට පත්ව කඳුළු සැලූ බවද ඇය පවසා ඇත.

ජපන් රාජ්‍ය විකාශක NHK වාර්තා කළේ ගුරුවරයෙකු තුවාල ලබා ඇති අතර, දරුවන් කිහිප දෙනෙකු දුම ආශ්වාස කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් විශාල පිරිසක් මෙහෙයුම්වල නිරතව සිටින අතර, සිද්ධියට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.