ඔයත් WhatsApp භාවිත කරන කෙනෙක්ද එහෙනම් මේ අනතුරු ඇඟවීම ඔයාටයි..
ශ්‍රී ලංකාව තුළ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කරන මුල්‍ය වංචා පිළිබඳව වාර්තා වැඩි මට්ටමකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි..
WhatsApp ගිණුම් හිමියන්ගේ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසී ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින වෙත පණිවිඩ යවා මුදල් හෝ ආධාර ඉල්ලීම මෙම වංචාවන් අඩංගු තවත් එක් ක්‍රමයක් බවයි සඳහන් වේ .
ඉහත මෙන්ම, Fake web අඩවි හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආයතන නම් භාවිතා කර විවිධ ව්‍යාජ පණිවිඩ මාර්ගයෙන් මුදල් ඉල්ලා වංචා සිදු කරමින් පවතින බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
එහිදී දුරකථනයට ලැබී ඇති යම් කේතයක්, PIN/OTP කේතයක් හෝ මුරපදයක් භාවිතා කරමින් තම ගිණුම්වලට ප්‍රවේශය ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත් එමගින් මූල්‍ය වංචාකරුවන් එම ගිණුම් සඳහා ප්‍රවේශය ලබා ගන්නා බවයි..
ආරක්ෂිතව තමන්ගේ ගිණුම් රැක ගැනීමට, අනන්‍යතාවය තහවුරු කිරීමක් නොමැතිව තම දුරකථන හෝ සමාජ මාධ්‍ය ගිණුමට ලැබෙන කේත, රහස් අංක හෝ මුරපද ලබාදීමෙන් වළකින්නැයි CERT අවධාරණය කරයි.
ඒ අනුව, WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය හරහා හෝ බාහිර පාර්ශ්වයක් හරහා හෝ පුද්ගලයකුගෙන් මුල්‍ය අනුග්‍රහයක් ඉල්ලා පණිවිඩයක් ලැබුනහොත්, ඒ පිළිබඳව සත්‍යතාව තහවුරු කිරීම කටයුතු කරන ලෙස එම නිවේදනයේ සඳහන්.
එහිදී අන්තර්ජාල ගනුදෙනු වලදී සහ සමාජ මාධ්‍ය භාවිතයේදී පරිශීලකයින්ගේ රහස්‍ය තොරතුරු ඉල්ලා සිටින සැක සහිත පණිවිඩ විවෘත කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර, පණිවිඩය යැවූ ආයතනේ නිල වෙබ් අඩවි හෝ නිල සමාජ මාධ්‍ය ගිණුමෙන් එම පණිවිඩයේ සත්‍යතාව තහවුරු කරගැනීම වැදගත් යැයි එම නිවේදනය මගින් සඳහන් කරනු ලබනවා.
එසේම, සයිබර් වංචාවකට මුහුණ දීමට සිදු වුවහොත් වහාම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සුදුසු බවත්, මෙම පැමිණිල්ල dir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කිරීමට ද අවස්ථාව සලසා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.