නීතිවිරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට...
By Parami Dissanayake
නීතිවිරෝධීව රුපියල් ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දුම්වැටි තොගය හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරු අබුඩාබි නුවර සිට ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 21,600 ක් රේගුභාරයට ගෙන ඇති අතර එම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.