අභාවප්‍රාප්ත වූ රතුගල ආදිවාසී නායකයා අද සදහටම දැයෙන් සමුගැනීම
By Mithu
අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක දානිගල මහා බණ්ඩාලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ රතුගල ආදිවාසී ගම්මානයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
වසර ගණනාවක් පුරා රතුගල ආදිවාසී ප්‍රජාවගේ අනන්‍යතාවය සහ උරුමය රැකගැනීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ඒ මහතා මියයන විට 62 හැවිරිදි වියේ පසුවිය.
සුදා වන්නිල ඇත්තන් කලක සිට පෙනහළු ආශ්රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳි අතර, වැලිසර ලය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය මැයි 07 වනදා අභාවප්‍රාප්ත විය.
රතුගල ආදිවාසී සම්ප්‍රදායන්ට ගරු කරමින් ඔහුගේ දේහය මේ වන විට එම ගම්මානයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ද ආදිවාසී වත්පිළිවෙත්වලට අනුකූලව සිදු කෙරේ.