මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය ඇරඹෙයි
2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වෙනි සහ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ සාර්ථකව සිය වීථි සංචාරය ආරම්භ කර තිබේ.
පස්වරු 06.28 ට යෙදී තිබූ සුබ නැකතින් ශ්‍රී දළදා මාලිගාවෙන් ගමන් ආරම්භ කළ පෙරහැර ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ඉහළට විත් නැවත දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතව ඇත.
අද දිනයේ සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලබන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ යුවරජු ලෙස සැලකෙන සිංහ රාජා හස්තියා විසිනි.
එමෙන්ම මියන් රාජා සහ පුලතිසි රාජා යන ඇත් යුගලය සධාතුක කරඬුව වැඩමවන සිංහ රාජා හස්තියාට දෑල ගමන් කරමින් පෙරහැර මංගල්‍යය අලංකාරවත් කරනු ලබයි.