හැමෝම මග බලන් හිටිය අවුරුදු නැකත් සීට්ටුව ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසන්නේ, ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට සියලු පාර්ශ්වයන් අතර එකඟතාවය හිමි වී ඇති බවයි.
අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවයි.
ඒ අනුව හෙට (17) දිනයේ එම නැකැත් සීට්ටුව මුද්‍රණය කර රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැර ඇති අතර මේ දක්වා රජය විසින් නව නැකැත් කමිටුවක් පත්කර නොමැති බවද සඳහන් වේ.
මෙවර අලුත් අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කර තිබුණේ පෝය කමිටුවේ සාමාජිකයින් විසින් බවත්, නව රාජ්‍ය නැකැත් කමිටුවක් වහා පත්කිරීමට රජය කටයුතු කළ යුතු බවත් පවසමින් ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඉකුත් අඟහරුවාදා රජයට සිය අප්‍රසාදය පළ කළහ.
එම තත්ත්වය මත, සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කිරීම සඳහා සර්වජන බලය පසුගිය සෙනසුරාදා මුල්පියවර ගෙන තිබුණි.
ඒ සඳහා විද්වත් ජ්‍යොතිර්වේදීන් 17 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා වේ.