ඔයාගේ දරුවාටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා බලන්න - එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.
මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සහිත ස්වසන රෝගී තත්ත්වයක් වාර්තා වේ.
එය කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුලු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ය.
එමෙන්ම උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් දරුවන් පාසල්, පෙර පාසල් හෝ උපකාරක පන්ති යැවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් සිදුකරනු ලබයි.
ඒ බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.