රටපුරා ව්‍යාප්ත වන අලුත්ම රෝගය - ඒ අතර සැකයකුත් මතු වෙලා.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න.
By krishani
මේ වන විට දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුලු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් වාර්තා වේ.
එය වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වයේ ද සම්මිශ්‍රනයක් විය හැකි බවයි.