මෙවර අලුත් අවුරුද්දේ සිදු වූ විශේෂ දෙයක් ගැන දැනුම්දීමක්..
අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
රුක්ෂාන් මහතා සදහන් කළේ, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ගිනි කෙළි අනතුරු 100%ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
කෙසේවෙතත් ගිනි කෙළි හේතුවෙන් සුළු තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර ලබා ගත් බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
නමුත් රථ වාහන අවතුරු වල නම් ඉහළ යෑමක් දක්නට ලැබේ.
දිවයින පුරා සිදු වූ රථවාහන අනතුරු වලින් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
ඔවුන් අතරින් කිහිප දෙනෙක් මියගොස් ඇති බව ද වාර්තා වේ.