රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

Report

මේ වන විට රුපියල් 25,000ක මහ කන්නය සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ආරම්භ වී ඇත.

ඒ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව ඔහු පැවසුවේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවය.

එහි මුල් අදියර යටතේ අම්පාර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවීන් 670 නියෝජනය කරමින් හෙක්ටයාර් 630ක් සඳහා රුපියල් මිලියන 9.5ක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..


එහි දෙවන අදියරේ දී රුපියල් මිලයන 46.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,475ක් වෙනුවෙන් ද තුන්වන අදියරේදී රුපියල් මිලියන 57.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,219කටද සිව්වන අදියරේදී රුපියල් මිලියන 47.7ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,804ක් වෙනුවෙන් ද නිකුත් කර ඇත.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ අද (04) දිනයේදි භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 279.4ක මුදලක් ලැබෙන බවත් එය ගොවීන් 22,419ක් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 19කට බෙදා දීමට නියමිත ව ඇති බවත් ය.

සිසුවියන් දෙදෙනෙක්ට දිවි අහිමි කළ, බදුලු අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද?. නැත්නම්?.

සිසුවියන් දෙදෙනෙක්ට දිවි අහිමි කළ, බදුලු අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද?. නැත්නම්?.


ඒ අනුව සමස්තය ලෙස රුපියල් මිලියන 441.8ක් ගොවීන් වෙනුවෙන් ය.

එමෙන්ම, මෙහි දෙවන අදියර ලෙස ලබා දෙන රුපියල් 10,000ක මුදල වගා කටයුතු ආරම්භයෙන් පසු සති දෙකකින් ලබා දීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.