නාමල්ට අගමැතිනියගෙන් ලැබුණු පිළිතුර.! - රජයෙන් දෙන සහනාධාරයක් ගැන අගමැතිනියගෙන් විශේෂ දැනුම්දීමක්. - (VIDEO)

Harin Fernando
By Wayomi Jan 08, 2025 09:34 AM GMT
Wayomi

Wayomi

Report

සහල් ගිඟයක් මේ වන විට වෙළඳපොළේ පවතින බවත් සහල් ආනයනය එයට විකල්පයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පවතින පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා.

එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසූරියගෙන් විමසා සිටියේ මහ කන්නයට හිමි පොහොර සහනාධාරය සම්බන්ධයෙන් රජයේ තීරණය මොනවාද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අගමැතිනිය කියා සිටියේ, මහ කන්නය සඳහා පොහොර සහනාධාරය හිමි ගොවීන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් නමලක්ෂ අනූ හයදහස් නවසිය අනූ දෙකක් බවත්,

ඒ දිස්ත්‍රික් සදහා පොහොර සහනාධාරය ලබා දෙන කාල සීමාව 2024 ඔක්තොම්බර් 01වැනිදා සිට 2025 පෙබරවාරි 15 දක්වා බවත් රුපියල් 25000 පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ 10000ක වාරිකයක් ලෙස ලබා දෙන බවත්ය.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

එමෙන්ම මැතිවරණ කොමිසමේ නියෝග පරිදි මේ වන විට සියලු දිස්ත්‍රික්ක සඳහා පළමු වාරිකය වන 15000ලබා දී ඇති බවත් දිස්ත්‍රික්ක මට්ටමින් ලැබෙන ඉල්ලීම් මත මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර 2024 ඔක්තොම්බර් 01වැනිදා සිට 2025 පෙබරවාරි 15 වැනිදා දක්වා ලබා දීමට නියමිත බවයි අගමැතිනිය මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉදිරියේදී මේ සඳහා සාධානීය ක්‍රමයක් අනුගමනය කිරීමට රජය බලාපොරොත්තු වෙන බවත් ඒ සඳහා ගොවි සංවිධාන සඳහා ගොවීන්ගෙන් අදහස් විමසා බලන බව‍යි අගමැති හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර 2024,2025 කන්නය වෙනුවෙන් කුඹුරු ඉඩම්වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට්ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස් ලොක්කන් රැසකට හදිසි මාරු වීම්. - ලැයිස්තුව මෙන්න.

පොලිස් ලොක්කන් රැසකට හදිසි මාරු වීම්. - ලැයිස්තුව මෙන්න.



 

ReeCha