අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්
By Shehan
අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ , ඒ සඳහා රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීමින් ඇකි බවයි.
රුපියල් 9500ක් වන 50Kgක මිශ්‍රිත පොහොර මිටිය 4,000ක සහන මිලකට මේ මාසය අග වනවිට රට පුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.