හෙක්ටයාරයකට රු 25,000 බැගින් රජයෙන් සහනාධාර - මෙන්න විස්තරේ
2025/26 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම පිණිස 2025-08-18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, එකී වැඩසටහන 2026 යල කන්නයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/- බැගින් වන පරිදි එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර් 02 ක් සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමට තීරණය කර ඇති බව තොරතුරු වාර්තා වේ.
එමෙන්ම වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන හා කන්න රැස්වීම් වලදී තීරණය කරනු ලබන අයුරින් වගා කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් වන සේ එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගෙවීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර ඇත.