අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ කරුණු රැසක් එළියට ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By Piyumika Jul 09, 2024 04:47 AM GMT
Piyumika

Piyumika

Report

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු මේ සදහා සම්බන්ධ කර ගෙන ඇත්තේ මේ වන විට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටී විසින් බව බුඩායි ආරංචි මාර්ග සදහන් කරයි.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

සුරේන් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරියේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයේ පසුපස සිටින්නේ තමා බව ප්‍රංශයේ සිටින කංජිපානි ඉම්රාන් ඩුබායි පාතාල කල්ලි වෙත ඊයේ (08 වැනිදා) තහවුරු කරමින් පණිවිඩ එවා ඇතැයි අනාවරණය විය.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන්අ හුංගල්ලේ ලොකු පැටී විසින් දුලාන් සංජුල නමැති ටැටූ නිර්මාණකරුවාට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදී ටැටූ කෙටීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපදෙස් දී තිබේ.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ කරුණු රැසක් එළියට .. | Athurugiriya Shooting Incident

එම ටැටූ නිර්මාණ ශිල්පියා විසින් අතුරුගිරිය නගරයට ආසන්න ටැටූ කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කර ඊයේ (08) උදෑසන එය විවෘත කිරීමට සැළසුම් කර ඇත. එය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතය අමුුත්තා වශයෙන් ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ගෙන්වා ගෙන ඇත.

"ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා.. ඒ ප්ලෑන් එකට අනුව තමයි ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළේ.. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා..” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇති බවද සඳහන්වේ .

අහුංගල්ල ලොකු පැටීගේ මත්කුඩු විකිණීමේ ජාවාරමට එම ටැටූ ව්‍යාපාරිකයාගේ මව සම්බන්ධ බවටද ආරංචි මාර්ග සදහන් කරයි.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක්ට මරණය ගෙනා අතුරුගිරියේ සිද්ධියට 6ක් සැකපිට අත්අඩංගුවට ..

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක්ට මරණය ගෙනා අතුරුගිරියේ සිද්ධියට 6ක් සැකපිට අත්අඩංගුවට ..

එමෙන්ම තමා විසින් මෙය කළ බව හැඟවීමට ටී 56 උණ්ඩවල පතුරම් කොපුවේ කේ.පී.අයි. (KPI) ලෙසින් සඳහන් කිරීමට ද කන්ජිපානි ඉම්රාන් කටයුතු කර තිබේ.

කන්ජිපානි ඉම්රාන් ලෙස හැඳින්වීමට මෙම අකුරු තුන කොටා ඇති බවත්, මෙම උණ්ඩවල රත්රන් ගා ජීවම්කර වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව භාරගත් කල්ලි කටයුතු කර ඇතැයි ඩුබායිවලින් තොරතුරු කියැවෙන බවත් වාර්තා විය.

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ කරුණු රැසක් එළියට .. | Athurugiriya Shooting Incident

වසන්ත වෙඩි නොවදින සුර පලඳින බව අනුමාන කර උණ්ඩ ජීවම් කරන්නට ඇතැයි සැක පහළවී තිබේ. කෙසේ වෙතත් ඒ ගැන විමර්ශනවලින් තහවුරු වී නොමැති බව පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේය .

රබර් වත්තක තුවාල සහිතව මිය ගිය පසල් සිසුවියකගේ සිරුරක් හමුවේ ..

රබර් වත්තක තුවාල සහිතව මිය ගිය පසල් සිසුවියකගේ සිරුරක් හමුවේ ..

මාකඳුරේ මධුෂ් රුපියල් කෝටි දහයක් ක්ලබ් වසන්ත සමග ආයෝජනය කර පසුව මුදල් ඉල්ලා සිටීමේදී මධුෂ්ට නොදීමත්, එයින් පසුව මධුෂ් කන්ජිපානි ඇතුළු පිරිස ඩුබායි පොලිසියට කොටුකරදීමට අන්නාසි මොරිල් සමග කටයුතු කළ බවත් කියන සිද්ධීන්වලට පළිගැනීමට මෙම ඝාතනය කර ඇති බවත් විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.

ReeCha