මෛත්‍රී වික්‍රමසිංහටත් FCID යෙන් දැනුම්දීමක්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ මෙම මස 20 වන දින පෙනීසිටින මෙන් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව ද අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැරියා.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න

චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න