"අනේ බුදු තාත්තේ එපා.." පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඉදල ඇවිත් තාත්තෙක් පුතෙක්ට කරපු අපරාධය..

Sri Lanka Police Sri Lanka Crime
By Piyumika Dec 24, 2024 03:06 AM GMT
Piyumika

Piyumika

Report

 සිය විවාහක පුතුට පිහියක් වැනි ආයුධයකින් ඇන බරපතල තුවාල සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පියෙකු ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (23) නියෝග කළා.

නැවතත් මිහිමත මැමත් යුගයකට "යානා"ගෙන් හැකිවෙයිද?..(PHOTOS)

නැවතත් මිහිමත මැමත් යුගයකට "යානා"ගෙන් හැකිවෙයිද?..(PHOTOS)

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීස් මොහොමඩ් නැමැත්තෙක්. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණ නියෝග මත පෙර අවස්ථාවක දී පුනරුත්ථාපනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති සැකකාර පුද්ගලයා අදාළ පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පසු නැවත නිවසට පැමිණි අවස්ථාවක මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

සැකකරුගේ විවාහක පුත්‍රයා මාලිගාවත්ත, ජුම්මා පාර ප්‍රදේශයේ එළවළු විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත් සැකකාර පියා හා එම පුතා ඉකුත් 21 දින අලුයම 5.30ට පමණ එම එළවළු ව්‍යාපාරික ස්ථානයට ගිය අවස්ථාවක දී පියා විසින් එම ස්ථානයේ තිබූ පිහියක් වැනි තියුණු ආයුධයකින් පුතාට ඇන බරපතල තුවාල සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නීතිය මනුෂ්‍යත්වය බල්ලට ගිය තැනක්..පාතාලයේ කෙරුම් වසරක් ඇතුලත මෙපමණක්..

නීතිය මනුෂ්‍යත්වය බල්ලට ගිය තැනක්..පාතාලයේ කෙරුම් වසරක් ඇතුලත මෙපමණක්..

බරපතළ තුවාල ලත් පුතා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බව පොලිසිය අධිකරණය පවසා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු නිසා නිරන්තරයෙන් එම නිවස තුළ ගැටුම් ඇති කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.

පොලිසිය දැකවූ කරුණු සැලකිල්ලටට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා ලබන ජනවාරි මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

You may like this video

ReeCha