හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් , කාන්තාවක් මරුට
හලාවත - කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්රදේශයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොක්කවිල හන්දියෙන් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පසුපසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකරුවා වූ ඇයගේ පුතා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී මෙම පැදිකාරිය මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කරවිටිගාරය ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුරට සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධව හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි