මත්පැන් සාදයේ සතුටට කදුළක් එක්කර උයන් වත්ත වැවේ පුද්ගලයෙකු ගිලී මරුට
මත්පැන් සාදයකින් පසු උයන් වත්ත වැවේ විනෝදයට පිහිනිමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර අද (18 )පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය සදහන් කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගෝනපොළ හන්දිය , වනමී කන්ද නැගෙනහිර කුබුක පදිංචිව සිටි ඩි එල් දයානන්ද නැමති වයස අවුරුදු 42 ක වාහන ටින්කර් බාස්වරයෙක් බව වාර්තා වේ.
පොලිසිය සදහන් කළේ මියගිය පුද්ගලයා ඔහු සමග සේවය කරන මිතුරන් දෙදෙනකු සමඟ ඊයේ (17) දින වැටුප් ලබා ගැනීමෙන් අනතුරුව උයන්වත්ත වැව අසලට පැමිණ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මිතුරන් දෙදෙනාට” මම ආතල් එකක් අරන් එන්නම් යයි” කියා වැවට පැන පිහිනීමේදී එකවරම අතුරුදන්ව තිබෙන බවයි.
අනතුරුව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පැමිණ වැවේ පරික්ෂා කිරීමේදී මියගිය පුද්ගලයා වැවට පැන්න ස්ථානයේ සිට මීටර් හැටක් පමණ ඈතින් මළ සිරුර පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි බණ්ඩාරගම මිල්ලනිය හදිසි මරණ පරීක්ෂක සරත් සූරියාරච්චි මහතා නියෝග කළේ ස්ථානීය පරීක්ෂණය මෙන්ම මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසය