වන්දනා ගමන කෙළවර වූ තැනක්. - ජීවිත 15ක් අවදානමේ හෙළූ මාරක අනතුර.
By Wayomi
ගල්ගමුව, මීඔය ආසන්නයේදී අද (26) අලුයම වන්දනා ගමනක් යමින් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති අතර අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ,ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ අයගෙන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන කරනවා.
................................................