ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැලවී ගිය රෝදය නිසා අහිමි වූ ජීවිතය..

By Piyumika Dec 27, 2024 02:37 AM GMT
Report

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී ය.

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි..

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි..

මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණි.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සමග පසුපස අසුනේ සිටි තිදෙනෙකු හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කෙරුණි.

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

එම අනතුරෙන් මියගොස් තිබුණේ ත්‍රීරෝද රථයේ ගමන් කර තුවාල ලැබූ එක් පුද්ගලයෙකි.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ දොඩවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may like this video