වැඩි සැප හොයන්න ගිහින් අවසානයේ උන දේ

Sri Lanka Police Murder Sinhala news
By Hashan May 12, 2025 07:26 AM GMT
Hashan

Hashan

Report

බේරුවල - වලතර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහදී පුදගලයකු ඝාතනය කර තිබෙනවා .

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   

ඊයේ (11) රාත්‍රී කාලයේ මෙම ආරවුල සිදු වී ඇත. 

තුවාල ලැබු පුද්ගලයෙකු වැටී සිටින බවට බේරුවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇති අතර තුවාලකරු කඩිනමින් බේරුවල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.   

රෝහල් ගත කරන විටත් අදාළ තුවාලකරු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.   

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අගමැතිත් රෝහලට

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අගමැතිත් රෝහලට

දැනට සිදු කරන ලද විමර්ශනයේ දි අනාවරණය වී ඇත්තේ අනියම් බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනියම් බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.   

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වන වලතර, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයස අවුරුදු 42ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර බේරුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

බන්ධනාගාරගත රැඳවියන් 392කට අද රාජ්‍ය සමාව

බන්ධනාගාරගත රැඳවියන් 392කට අද රාජ්‍ය සමාව

ReeCha