තවත් විරුවෙකුගේ නික්මයාම
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන දින පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව ඇත.
ඒ මහතාගේ දේහය අද (02) දින ලුණුගල පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරන්නේ අද සවස සිට රත්මලාන නිවස වෙත රැගෙන යෑමට නියමිත බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේදී හදිසි ගොඩබෑමක් සිදුකිරීමට යාමේදී සිදු වූ අනතුර හේතුවෙන් එහි ප්‍රධන ගුවන් නියමුවා ලෙස කටයුතු කල විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය මහතා ජීවිතක්ෂයට පත් ව තිබේ.
ඒවගේම ඔහු සිදුකළ සේවය අගය කරමින් නොවැම්බර් මස 30 වන දින සිට විංග් කමාන්ඩර් නිලයේ සිට ගෘෘප් කැප්ටන් නිලය දක්වා උසස් කර තිබේ.
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී සියඹලාපිටිය මහතා මෙම අනතුරට මුහුණ දී තිබේ ඒ වගේම හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී මෙම අනතුරට සිදුවිය.
එහිදී ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු හෙලිකොප්ටර් යානයේ සිට ඇත.
ඒ අනුව අවාසනාවන්ත ලෙස එහි ප්‍රධාන ගුවන් නියමු 41 හැවිරිදි විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ජීවිතක්ෂයට පත් වූ අතර අනතුරින් තවත් ගුවන් හමුදා නිලදාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ඔහු ගුවන් පැය 3,000කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබු පළපුරුදු ගුවන් නියමුවෙකු බවයි.