සමාජ මාධ්‍යයේ සැරිසරන මේ ලින්ක් එක ක්ලික් කළාද? වහාම අමතා ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් සියලු දෙනාටම දැනුම්දීමක්
පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත් එම පණිවිඩ මඟින් ලබාදෙන ලින්ක් ඩවුන්ලෝඩ් කර නොගන්නා ලෙසත් ඉල්ලා සිටියි.
එසේම එම සංසදය, යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැගුණොත් 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම හදිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති බව සදහන් පණිවිඩ මේ වනවිට සමාජ ජාලවල විශාල ලෙස ප්‍රචාරය වන අතර මෙම පණිවිඩවල දැක්වෙන්නේ, ඇතැම් ආයතන රුපියල් 5000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය මුදල් ලබා දීමට සූදානම් බවයි.
ඊට අමතරව තවත් ආයතන රුපියල් ලක්ෂ 05 දක්වා ණය මුදල් ලබාදීමට සූදානම් බව ද එහි සඳහන්.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්
එමෙන්ම ''මේ ණය ලබාගැනීමට ලියකියවිලි අවශ්‍ය නැත. ඇපකරුවන් අවශ්‍ය නැත.'' යනුවෙන් ද එහි දැක්වේ
. කෙසේ වෙතත් මේ වංචනික ආයතනවලට අවශ්‍ය ඔබගේ පුද්ගලික දත්ත සොරාගැනීමයි. එමඟින් විවිධ වාසි ලබා ගන්නා ඔවුන්, ණය ලබා ගැනීමට ලියකියවිලි අවශ්‍ය නොවූවත් එම ආයතන මඟින් එවන link එක click කර තොරතුරු ඇතුළත් කිරීමට ණය අයදුම්කරුවාට දන්වයි. මෙම ලින්ක් එක ක්ලික් කළ වහාම ඔවුන් වංචනිකයන්ට ගොදුරු වේ.
එම ලින්ක් එක ඔස්සේ ඔවුන් එවන්නේ Remote Administrative Tool හෙවත් RAT එකක් වන අතර එය ජංගම දුරකථනයට ඇතුළු වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනියි.
මේ හරහා ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේබන, හිතවතුන්ගේ තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරුවලට ප්‍රවිෂ්ට වීමට ඔවුනට හැකියාව ලැබෙන අතර ඇතැම් විට .apk යෙදවුමක් ඇතුල් වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකි බව සඳහන්.
රටම කළඹමින් මහා භාණ්ඩාගාරයේ අනාරක්ෂිත තත්ත්වයක් හෙළි වෙයි - කළින් තොරතුරු පිට ගිය හැටිත් COPE එකට දිගාරියි
එමෙන්ම ණය මුදල ලබාදීමෙන් අනතුරුව එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර එසේ ආපසු ගෙවා ගත නොහැකි තරමට ණය මුදල වැඩි වූ පසු ඔවුන් වංචනිකයන්ට ගොදුරු වන්නට පටන් ගනි.
එහිදී ගෙවිය යුතු පොලිය මෙන්ම ඉටුකළ යුතු කොන්දේසි ද දැඩි වන අතර මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන්ට නොයෙකුත් අකටයුතුකම්වලට ලක් වෙන අතර තම හිතවතුන් හමුවේ ණයකරුවෙකු වශයෙන් චෝදනාවට ලක්වීමට මේ ඔස්සේ සිදුවන බවත්, පහසු ණය ගන්නට ගොස් අවසානයේ අතේ තියෙන මුදල ද ඔවුනට අහිමි වන බවත් සඳහන්.