රටම කළඹමින් මහා භාණ්ඩාගාරයේ අනාරක්ෂිත තත්ත්වයක් හෙළි වෙයි - කළින් තොරතුරු පිට ගිය හැටිත් COPE එකට දිගාරියි [VIDEO]
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් විසින් මහා භාණ්ඩාගාරයේ පවතින 'e-mail' පද්ධතිය ඉකුත් 2019 වසරේ දී යල් පැන ගොස් ඇති බව රජයේ මුදල් පිළිබද කාරක සභාව (COPE) හමුවේ හෙළි කර ඇත.
ඒ අනුව එහි හුවමාරු වූ පණිවුඩ අනාරක්ෂිත තත්ත්වයක පැවති බව එහිදී එම සංසදය පෙන්වා දී ඇත.
මේ අතර මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් වශයෙන් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක්, වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව සඳහන් කළා.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්
එසේම එහිදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් වැඩිදුරටත් හෙළි කර ඇත්තේ, මහා භාණ්ඩාගාරය සතු E-mail Server එක 2016 වසරේ ලබාගෙන තිබෙන බවයි.
තවද එය 2019 වසරේදී සිට යල්පැන ගොස් ඇති බවත්, 2026 දක්වා එය භාවිතා කර ඇත්තේ 'Updates' නොකර බවත් පවසා ඇත.
එබැවින් මහා භාණ්ඩාගාරය සතු තොරතුරු පිටතට ගියේ යල්පැනගිය Server එකකින් බව හෙළිව තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් මෙහිදී රජයේ මුදල් පිළිබද කාරක සභාවවට කියා ඇත්තේ රාජ්‍ය ආයතනවලට මාර්ගෝපදේශ ලබාදී ඇති බවත්, ආරක්ෂක තක්සේරු සිදුකරන බවත්ය.
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයටද උපදෙස් ලබාදුන් බවත් එහිදී සඳහන් විය.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,