'අපිව විකුණන් කනවා අහුවෙන්න එපා' ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සැර වෙයි

Report

අද (10) ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා ඇත්තේ රටේ නැති බොරු කියා මිනිස්සු රවටා ආදිවාසී සංස්කෘතිය විකුණාගෙන කන වංචාකාරයෝ පිරිසක් බිහිවෙලා ඇති බවත්, ඔවුන්ට නොරැවටෙන ලෙසත්ය.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වන්නිලා ඇත්තෝ සඳහන් කළේ මෙම පිරිස කූඨ ලෙසින් සංචාරකයින් රවටා උපක්‍රමශිලිව ම‍ංකොල්ලකෑමේ ක්‍රියාවක් සිදු කරන බවයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිලා ඇත්තෝ ,

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

“මෙච්චර කාලයක් කථා නොකරපු දෙයක් ගැන කථා කරන්න සමාජයට පණිවිඩයක් දෙන්න තමයි අද මේ මම කථා කරන්නේ ඔබට. මේ රටේ වාසය කරන ආදිවාසී පරම්පරාව වසර 48000ක් පමණ ඉතිහාසයක ඉදලා පැවත එන පරම්පරාවක්. මේ පරම්පරාව රටේ ඉතා සුළු ගම් කිහිපයක බොහොම අමාරුවෙන් ආරක්ෂා කරගෙන තිබෙනවා. දැන් මේ පරම්පරාව ලොකු විනාශයකට ලක් වෙමින් තිබෙනවා. මේ අපේ සංස්කෘතිය විකුණගෙන කන පිරිසක් බිහිවෙලා. ඒක ලොකු හානියක්. මේ ආදිවාසී ගම්මානය නැරඹීමට විශාල පිරිසක් රට හැම පැත්තෙන්ම එනවා. විදේශිකයන් විශාල පිරිසකුත් එනවා. ඒ ඒන පිරිස් රටේ වැදගත් තැන් බලනවා වගේම ආදිවාසී ගම්මානය ද දැක බලාගෙන ආදිවාසි පරම්පරාවේ ඉතිහාසය කොහොමද කියලා දැන ගන්න, ඉගෙන ගන්න ඒ අය මෙහාට එනවා. නමුත් ඒ එන පිරිසට මේ ගමේම පිරිසක් විසින් ලොකු මංකොල්ලකෑමකට ලක්කෙරෙනවා. පාර පෙන්වන්නම්, භාෂා පරිවර්ථනය කරලා දෙන්නම් කියලා ඒ පිරිස, ආදිවාසි ගමට කළින් පාරේ මාවරගල ආරණ්‍ය සේනාසනය ළඟින් වාහනවලට නගිනවා. තවත් කණ්ඩායමක් දඹාන හන්දියෙන් වාහනවලට නගිනවා. පාර හරස් කරලා බලෙන් මේ කණ්ඩායම් වාහනවලට නගින්නේ. එහෙම වාහනවලට නැඟලා මේ රටේ නැති බොරු කියලා මිනිස්සු රවටනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව නිදහසේ මේ ගම බලන්න බැරි තත්වයක් ඇති කරලා තියෙනවා. විශාල ලෙස මුදල් අයකරමින් බොරු කියමින් මිනිස්සු රවට්ටනවා. දිනපතා ඒ රැවටිලිවලට අසුවෙලා වංචාවන්වලට ලක්වෙච්ච මිනිස්සු මට පැමිණිලි කරන ප්‍රමාණය වැඩිවෙමින් යනවා. ඒ අය මගෙන් ප්‍රශ්න කරනවා ඇයි නායකතුමනි මේ වගේ වංචාවන් මේ ගමේ සිද්ධවෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නේ කියලා. අපි ඒ කණ්ඩායම්වලට කථා කරලා හොදින් කිව්වා. නීතිය ක්‍රියාත්මක කරන්නත් කථා කරා. නමුත් අද වෙනකම් මේ රැවටිලිකාර ක්‍රියාකාරකම් නවත්ත ගන්න බැරිවෙලා තියෙනවා. කොළඹින් මෙහාට එන්න පිටත් වෙන අයට මේ දක්වා එන්න පාර පෙන්නන්න දැන් කවුරුත් ඕන නෑ. අතේ තියෙන ජංගම දුරකථනයෙන් පාර පෙන්නන තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එවගේ මේ ගම ඇතුළට එන්න කාගේවත් මඟ පෙන්වීම් මොකටද? අර පාර මඟදී වාහනවලට නගින වංචාකාරයන්‌ගේ බොරුවලට රැවටිලා මුදල් නාස්ති කර ගන්නවා. සැබෑ මී පැණි කියලා සීනි කළවම් කරපු පැණි විකුණන වංචාකාරයන්ට අහුවෙනවා. මේ වංචාකාරයන් සිදු කෙරනෙ වංචාවන් නිසා මේ පරම්පරාවේ නාමයට ලොකු හානියක් සිදුවෙමින් යනවා. ඒ නිසා මම මේ ගැන මේ සමාජය දැණුවත් කිරිම මගේ වගකීමක් ලෙස දකිනවා. මේ ගම බලන්න එන ඔබට පාර පෙන්නන්න කව්රුත් ඕන වෙන්නේ නෑ. අද ලෝකය දියුණුයි. ඒ දේ අද ජංගම දුරකථනයෙන් කර ගන්න පුළුවන්. එහෙම දියුණු රටක ලෝකයක මේ ගමේදි පාර පෙන්නන්න කියලා නගින වංචා කාරයන්ට ඔබ හසු නොවිය යුතුයි. මිට දින කිහිපයකට ඉහතදී කොළඹින් ආපු තුන්දෙනෙකුට එහෙම ලොකු වංචාවක් රැවටීමක් කරලා තියෙනවා අර මම මුලින් කියපු කණ්ඩායම විසින්. මම මේක කාටවත් තරහකට විරුද්ධව කියන දෙයක් නෙවෙයි. මේක ඇත්තටම මිනිස්සු රවටන ලොකු වංචාවක් නිසයි මේ විදියට කියන්නේ. රටේ මිනිස්සු දැනුවත් වෙන්න. එක මට නෙවෙයි මගේ පරම්පරාවට හොඳක් නෙවෙයි වෙන්නේ. අර මට පැමිණිලි කරන්න ආපු අය කිව්වේ, ඒ අයව රැවටීමට ලක්කරපු කෙනෙක් බීමත්ව හිටියා කියලත්, “ කදිරා ” කියලා එයාව හදුන්වා දුන්නා කියලත්. නායකතුමා පෙන්නනවා කියලා එක්ක ගිහින් නායකතුමන්ගේ සහෝදරයා පෙන්නුවා කියලත්, ආදිවාසී කෞතුකාගාරය ආණ්ඩුවෙන් කරන එකක් එකේ කිසි වැදගත් කමක් නෑ, බලන්න ලොකු මුදලක් අයකරනවා කියලත් ඒ අයට කියලා රැවැට්ටුවාලු. පස්සේ ඒ කොළඹින් ආපු තුන්දෙනා අර පුද්ගලයා මඟ ඇරලා කෞතුකාගාරය බලන්න ගිහින් එක කොච්චර වටිනාකමක් තියෙන තැනක්ද කියලා තේරුම් ගත්තා කියලා කිව්වා. අපිව රැවැට්ටපු නිසා අපි කරකවලා අත ඇරලා දැම්මා වගේ තත්වයකට පත්වෙලා තියෙන්නේ කියලා ඒ අය මුහුණ දුන්න අපහසුතාවය ගැන මට පැමිණිලි කරා. එහෙම රැවටීමක් මේ ගමේ දැන් සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ සමාජය දැණුවත් කරන්නේ මේ ගමට එනවානම් මේ වගේ රැවටිලි කාරයන්ට අහුවෙන්න එපා කියන එකයි. කිසි කෙනෙකුට රැවටෙන්නේ නැතිව මේ ගම බලන්න එන්න. ආදිවාසී සිරිත් විරිත් හා සංස්කෘතිව දැන දැන ගන්න ඔබට ඕන වෙලාවක ඉඩ තියෙනවා. කිසි තහනමක් නෑ. සංවර විදියට පැමිණිලා ගම බලලා යෑමට ඔබ හැමෝටම අවසර තියෙනවා. ගම බලන්න අපි කිසි කෙනෙකුගෙන් මුදල් අය කරන්නේ නෑ. කෞතුකාගාරයෙන් ලොකු මුදලක් අය කරන්නේ නෑ. වැඩිහිටියෙකුගෙන් රුපියල් 50ක්, පාසල් දරුවකුගෙන් රුපියල් 20ක් තමයි අපි අය කරන්නේ. මුදල් උපයන්න හදලා තියෙන තැනක් නෙවෙයි මේක. ඒකත් මෙය පවත්වාගෙන යෑම සඳහා. ආදිවාසී සංස්කෘතිය ලෝකයාට රැගෙන යනන් හදලා තියෙන තැනක් තමයි මේ ආදිවාසි කෞතුකාගාරය. කාටහරි ගම ඇතුල බලන්න යන්න උවමනානම් ආදිවාසී කෞතුකාගාරය සේවක මණ්ඩලය දැණුවත් කරන්න. එකට උදව් කරන්න කෞතුකාගාරයේ සේවක මණ්ඩලය සූදානමින් ඉන්නවා. කිරි කොරහා ශාන්ති කර්මය, සංස්කෘතියේ තිබෙන සිරිත් විරිත් පෙන්නලා විශාල මුදලක් එකතු කර ගන්නවා කියලා චෝදනාවකුත් යනවා. ඇත්තටම වෙන්නේ යම් කිසි කණ්ඩායමක් ගමට ආවාම, ගමේ ආදිවාසි තරුණයෝ සංස්කෘතික අංග පෙන්නලා, දේශිය සංචාරකයන් එකතු කරලා ‌දෙන මුදල ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. එහෙම කියලා විශාල මුදලක් එ වෙනුවෙන් අයකිරීමක් සිදුවෙන්නේ නෑ. විදේශිකයන් ඇවිත් වාර්තා චිත්‍රපට හදන්න වගේ විශාල කටයුතුවලදී අපි ඒ අයත් එක්ක කථා කරලා ඒ වැඩ කරනවා. අපේ රටේ මිනිස්සු එහෙම දේකට බය වෙන්න ඕන නෑ අපි මුදල් අය කරන ව්‍යාපාරයක් මෙතැන මේ ගමේ සිද්ධ වෙන්නේ නෑ. අර වංචාකාරයෝ තමයි ගමට එන විනිස්සු රවටලා විශාල මුදලක් අය කරනවා මදිවට ඔබවත් රවටන්නේ. ඒ අයට රැවටෙන්න එපා කියලා මම ඔබ දැනුවත් කරනවා”

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්