අපිට වගේම Facebook එකටත් අද විශේෂ දවසක් වෙලා - අද එයාලා මොකක්ද කරේ දන්නවා ද?.
By krishani
අදට (04) ෆේස්බුක් සමාජ මාධ්‍ය යෙදවුමට වසර 20ක් සපිරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ෆේස්බුක් යනු ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වේ.
එහි බිලියන තුනකට අධික පරිශීලකයින් පිරිසක් සක්‍රීයව තම ෆේස්බුක් පිටු පවත්වාගෙන යනු ලබයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ අද වන විට ෆේස්බුක් ඩිජිටල් කෞතුකාගාරයක් බවට ද පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, අද ෆේස්බුක් සිය 20 වන සංවත්සරය සමරනු ලබන්නේ, එහි නිර්මාතෘ වන මාර්ක් සකර්බග් සමාජ මාධ්‍ය හරහා දරුවන්ට සිදු වූ හානි පිළිබඳ ඇමරිකාවේ සෙනෙට් සභාව හමුවේ විභාග වූ නඩුවක දී සමාව අයැද ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක් වේ.
Sponsored By Sarrita Jewellery