කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

By Piyumika Jun 26, 2024 02:55 AM GMT
Report

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළදී අල්කුරානයට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු එම ප්‍රදේශයේ අන්තවාදීන් පිරිසක් විසින් ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කර තිබේ .

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

එම ප්‍රාන්තයේ ස්වාට් පළාතේ පිහිටි මධ්‍යන් නගරයේ පොලිස් ස්ථානයෙන් එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

ඝාතනයට ලක් වී ඇත්තේ සියල්කොට් නුවර පදිංචිකරුවකු වන බවත්, ඔහු සංචාරක ගමනාන්තයක් වන ස්වාට් පළාතේ සංචාරයක නිරතව සිට තිබේ .

උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)

උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)

එම සංචාරකයා ආගමට අපහාස කිරීමේ පුවත පැතිරී යෑමත් සමඟ කුපිත වූ ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් පොලිස් ස්ථානය වටලා ඔහු භාර දෙන ලෙස ඉල්ලා ඇති අතර, පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම පිරිස පොලිස් ස්ථානයට කඩා වැදී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

බිහිසුණු බස් ලොරි අනතුරකින් තිදෙනෙකු මිය යයි..

බිහිසුණු බස් ලොරි අනතුරකින් තිදෙනෙකු මිය යයි..

ඉන් බියට පත්වූ පොලිස් නිලධාරින් පලා යෑමෙන් පසු පොලිස් ස්ථානයට සහ මෝටර් රථ කිහිපයකට ගිනි තබා ඇති අන්තවාදී පිරිස පසුව සංචාරකයා පිටතට රැගෙන ගොස් පුලුස්සා ඝාතනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.