නව තානාපතිවරු 7ක් සහ මහකොමසාරිස්වරු 4ක් වෙත අක්තපත්‍ර භාරදෙති

Report

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 4 දෙනෙකු අඟහරුවාදා (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ.

මෙලෙස අක්තපත්‍ර භාරදුන් නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිස බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා යන රටවල් නියෝජනය කරති.

අක්තපත්‍ර භාරදීමේ නිල උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ කෙටි සුහද සාකච්ඡාවක ද නිරත වූ අතර, ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු විය.

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

කට්ටියගේ ඇස් උඩයන්න ගුවන් යානයේ ගියර් මැදිරිය ඇතුලේ මළසිරුරක් - එයාර් අරාබියා රටම හොල්ලයි

මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායකගෙන් සුබපැතුම් පණිවිඩයක්

මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායකගෙන් සුබපැතුම් පණිවිඩයක්