කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට - අද වාර්තාවෙන අගයන් මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දිනය අවසානයේ ඒකක 25.00ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, අද දින ගනුදෙනු නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,382.74ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.
එමෙන්ම අද දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1.1ක් ලෙස සටහන් වී තිබේ.