හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

Report

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව ගොනු කර තිබූ චෝදනාවලට ඔහු වරදකරු බව කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. 

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ මෙම චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව අද (9) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවලට වරදකරු කළ සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කර තිබේ.  

නියෝජ්‍ය අමාත්‍යවරයා 2006 වසරේදී එවකට රාජ්‍ය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ නැමැති වරද සිදුකර රජයට විශාල පාඩුවක් කළ බවට චෝදනා එල්ල වී තිබුණි. 

විදෙස් ගමන් තහනම දැම්මේ නිකන් නෙවෙයි.. ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

විදෙස් ගමන් තහනම දැම්මේ නිකන් නෙවෙයි.. ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

"CID ලොක්කාව අයින් කරනකම් කන්නේ නැහැ" - සුරේෂ් සලේ රෝහලේ සිට දැඩි කොන්දේසි දමයි

"CID ලොක්කාව අයින් කරනකම් කන්නේ නැහැ" - සුරේෂ් සලේ රෝහලේ සිට දැඩි කොන්දේසි දමයි