චෝදනා 03ක් යටතේ ඩයනා ගමගේට එරෙහිව පවරා නඩුවක සාක්ෂි විභාගයට දින..

Report

 ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ගංවතුරෙන් විපතට පත් රට වැසියන් සනසන්න ගිය රජු සහ රැජිනට ප්‍රහාරයක් ..(PHOTOS)

ගංවතුරෙන් විපතට පත් රට වැසියන් සනසන්න ගිය රජු සහ රැජිනට ප්‍රහාරයක් ..(PHOTOS)

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අද එම නඩුව කැදවූ අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිටි බව සදහන්.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස එහිදී විනිසුරු වරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, සාක්ෂි ලබා දීම සදහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද එහිදී විනිසුරුවරයා නියෝග කර ඇති බව සදහන්.

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

2004 ඔක්තෝම්බර් මස 09 වනදා සහ 2004 දෙසැම්බර් මස 01 වනදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.