එකපාරටම මොකද මේ වුණේ...ලෝක රූ රැජිණ තරගයෙන් හදිසියේම ඉවත් වෙයි

Report

මේ දිනවල මුළු ලොවම බලා ගෙන ඉන්න 2025 ලෝක රූ රැජින තරගය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්වල දී සිදු වෙමින් පවතිනවා.

ඒ වෙනුවෙන් අපේ රටින් වගේම තවත් විවිධ රටවලින් රූ රැජිනියන් සහභාගී වෙලා ඉන්නවා.

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ඒ අනුව ලබන මැයි 31 දින 2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පැවැත් වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියට බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් 'මිල්ලා මාගී' නම් රූ රැජිනත් සහභාගී වුණා.

මුලදි ඉතාමත් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඇය සහභාගී වුණත් ඇය හදිසියේම අසනීප තත්ත්වයකට පත් වූ නිසා තරඟයෙන් ඉවත් වූ බවට වාර්තා වුණා.

ඒ අනුව තෙලන්ගානාවල දැඩි රස්නය නිසා ඇය අධික වෙහෙසට පත්වීමෙන් පසු රෝහල් ගත කළා කියලා ආරංචි වුණා.

ජනප්‍රිය නිළියකුත් ගිනිඅවි ජාවාරමට - නිලියකගේ ගෙදර පොලිසියෙන් වටලයි

ජනප්‍රිය නිළියකුත් ගිනිඅවි ජාවාරමට - නිලියකගේ ගෙදර පොලිසියෙන් වටලයි

කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහෙමින් පැවතීම හේතුවෙන් ඇය නැවත බ්‍රිතාන්‍යයට ගිය බව සඳහන් වෙනවා.

ඒ වගේම ලෝක රූ රැජින තරඟයේ අවසන් තරඟකාරිය ලෙස මේ වන විටත් ශ්‍රී ලාංකික රූ රැජින වන අනුදි ගුණසේකරත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව ඇය ඇතුළු කැපී පෙනෙන තරුණියන් 24 දෙනෙකු මේ වන විට ලෝක රූ රැජින කුසලතා තරඟයේ අවසන් මහා තරඟය සඳහා තෝරාගෙන ඇති බව තමයි වාර්තා වන්නේ.