රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
Sinhala news
By Shehan
වෙළෙඳපොළ දත්තවලට අනුව, පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ රත්‍රං මිල සුළු වශයෙන් පහත වැටී ඇත.
ඒ අනුව, 2025 ජුනි 24 වන දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රු. 248,000ක් ලෙස වාර්තා විය.
පසුගිය ජුනි 13 වන දින මෙම මිල රු. 250,600ක් ලෙස ඉහළ මට්ටමක පැවතිණි.
මේ අතර, "කැරට් 24" රන් පවුමක මිල, ජුනි 13 වන දින රු. 271,000ක් ලෙස පැවති අතර, අද වන විට එය රු. 268,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.
