ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන් කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන්...

Report

අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට...

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට...

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවාගැනීම බව ප්‍රකාශ කළේ ය.

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

එමෙන්ම, ආපදාවන්ගෙන් හානියට පත්වූ පවුල් සහ ප්‍රදේශවල සංවර්ධන සහ සුබසාධනය වෙනුවෙන් පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මෙම ක්‍රියාවලියේ දී මුදල් පිළිබඳව අවධානය නොකර ඊට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ඔහු එහිදී සඳහන් කලේ ය.