ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ගැන හෙළිදරව්වක්.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශාල සේවක පිරිසක් දේශපාලන පත්වීම් මත සේවයට බැඳුණු අය බවයි.
පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, සේවකයින්ගෙන් 70%ක් පමණ නුපුහුණු සේවකයින් බවය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බොහෝ අංශවල සේවක පුරප්පාඩු පවතින බවත් සමහර අංශවල සේවක අතිරික්තයක් පවතින බවත්ය.
එසේම පවතින තත්ත්වය මත අලුතෙන් සේවකයින් බඳවා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.