අද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
අද (03) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහි පළමු සතියේ සැසිවාරය ලබන 06 වනදා දක්වා පැවැත්වීමට නියමිත වනවා.
එහිදී පාර්ලිමේන්තුවට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නීතිඥ සාමූහිකය පවසන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවයි.
මෙම පනත් කෙටුම්පත් නීතිගත වුවහොත් මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සිමා වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.
සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුගේ සාධාරණය ඉටුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම් පමණක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කරනවා.
