මීගමුව ගැටුමෙන් මියගිය ජෙයිලර්ට උගුරේ පිළිකාවක් - දිට්වා වලින් ගේ සම්පුර්ණයෙන් ගිහින් ඉන්න තැනක්වත් තිබ්බේ නෑ - දිවිහිමියෙන් සේවය කළ නිළධාරියා ගැන සංවේදී හෙළිදරව්වක් [VIDEO]

Report

අද (08) උදෑසන විශේෂ රථ පෙරහැරකින් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත්දා සිදු වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වෙත රැගෙන එනු ලැබීය.

මෙම අවස්ථාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද සහභාගි වූ අතර නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි

ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා විසින් මියගිය නිලධාරීන් පිලිබදව අතිශය සංවේදී අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය. එහිදී ඔහු පවසා සිටියේ,

"මේක ඉතාම සංවේදී අවස්තාවක්.හරිම කණගාටුයි.ජෙයිලර් කෙනෙක් වශයෙන් මිය ගිහින් ඉන්න චන්ද්‍රවංශ කැන්සර් එකක් හැදිලා හිටිය නිළධාරියෙක්.උගුරේ කැන්සර් එක හැදිලා තිබ්බේ. දිට්වා එකට එයාගෙ සම්පූර්ණ නිවසම ගිහින් තිබ්බා. ඒ එක්කම මෙයාට ඉන්න තැනක්වත් තිබ්බේ නෑ.එහෙම තියෙද්දි තමන්ගේ රාජකාරිය නොපසුබටව කටයුතු කරා.මගේ ඇස් දෙකටත් කදුළු ආවේ ඒ නිසයි."