හෙට සහ අනිද්දා අතිවිශේෂ දවසක් - වෛද්‍යවරු මූලික වී සියලු කටයුතු සුදානම් කරලා
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින පුරා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.
හදිසි වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, එම ක්ෂේත්‍රයේ නවතම දැනුම, පර්යේෂණ හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම වෘත්තීය සහ ශාස්ත්‍රීය කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම සම්මේලනය සංවිධානය කර ඇත.
හදිසි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රමුඛතම ශාස්ත්‍රීය වේදිකාවක් ලෙස සැලකෙන මෙම මහා සම්මේලනය සඳහා දෙස් විදෙස් හදිසි වෛද්‍ය විශේෂඥයන්, අනෙකුත් වෛද්‍ය විශේෂඥයන්, සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත බවද සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.